March, 25, 2025
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ වෙනසක් සිදුවනු ඇතැයි මේ දිනවල කතාබහක් පවතී. ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල සඳහන් කරන පරිදි වත්මන් මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ තනතුරක පත්වීම් භාරගැනීමට නියමිත අතර ඒත් සමගම නව මුදල් ලේකම්වරයා වශයෙන් ජනාධිපතිගේ වත්මන් ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත්කරනු ඇතැයි කියැවේ.
කෙසේවෙතත් දුමින්ද හුලංගමුව මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා පැවසුවේ එම තීරණය ඉදිරියේ දී ජනාධිපතිවරයා විසින් ගනු ලබනු ඇති බවයි.
ඊයේ (360) TV දෙරණ ඔස්සේ විකාශය වූ 360 දේශපාලන සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් ඒ මහතා මේ බව පැවසූ අතර එහිදී ඇති වූ සංවාදය පහතින් දැක්වේ.
"ප්‍රශ්නය - මේ වන විට තවත් අපි කියනවා talk of the town කියලා වැඩියෙන්ම කතා වෙන කාරණාවක් තමයි මහින්ද සිරිවර්ධන මහත්මයා ADB එකට යනවා. ඊට පස්සේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය පුරප්පාඩු වෙනවා. මීළඟ මුදල් අමාත්‍යාංශ ලේකම් දුමින්ද හුලංගමුව ද?
පිළිතුර - නෑ. ඒක ජනාධිපතිතුමා තීරණය කරයි.
ප්‍රශ්නය - සාකච්ඡාවක් තියනව නේද, ඒ ගැන?
පිළිතුර - ඒ ගැන සාකච්ඡාවක් එහෙමමත් නැහැ. ඒක ජනාධිපතිතුමා තීරණය කරයි මොකක් ද වෙන්න ඕන කියන එක.
ප්‍රශ්නය - ඔබ සහ ජනාධිපතිවරයා අතර හෝ ඔබ සහ මුදල් අමාත්‍යාංශය අතර හෝ යම් කිසි ආකාරයක සාකච්ඡාවක් නැද්ද? ඔබ මේ තනතුරට සුදුස්සෙක් කියන සාකච්ඡාව නැද්ද?
පිළිතුර - නැහැ එහෙම සාකච්ඡාවක් දැනට මම දන්න තරමින් නැහැ. ඒක ජනාධිපතිතුමාගෙයි, රජයෙයි තීරණය තමයි. සහ මගේ තීරණය.
ප්‍රශ්නය - යම් හෙයකින් ඔබට ලේකම් ධූරය භාරගන්න කියලා නුදුරේ දී ජනාධිපතිවරයා ආරාධනා කරොත් ඔබ EY එක අත්හැරලා මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරය භාරගන්න සූධානම් ද?
පිළිතුර - නෑ ඒක ටිකක් හිතලා බලන්න ඕන. මොකද EY එකත් මම අවුරුදු 40ක් හිටපු ආයතනයක්නේ, ඉතින් එතනත් යම්කිසි බලාපොරොත්තු තියනවා. EY එකෙත් ග්ලෝබල් change එකක් එනවා මේ අවුරුද්ද ඇතුලත. ඉතින් එම නිසා මට යම්කිසි බැඳීමක් එතනත් තියනවා. ඒ ඔක්කොම සලකලා බලලා තමයි තීරණයක් ගන්න වෙන්නේ.
ප්‍රශ්නය - මම මෙහෙම කියන්නම් සාකච්ඡාවක් තියනවා ඒක කියන්න බැහැ කිව්වොත් හරි ද?
පිළිතුර - ඔව් සාකච්ඡාවක් තිබෙමින් යනවා. බලමු මොකද වෙන්නේ කියලා."
Video Story