මුදල් අමාත්‍යාංශයේ පෙන්නපු දක්ෂතාවය තවත් තැනක පෙන්වන්න දීපු අවස්ථාවක් – රවී

    May, 24, 2017

    දණ ගස්සපු, වට්ටපු, බංකොලොත් කරපු ආර්ථිකයක්, සියයට 10 ක දළ දේශීය නිෂ්පාදිතය තිබුණු එකක් අවුරුදු දෙක හමාරකින් සියයට 15.5 දක්වා වැඩි වෙලා තිබෙන බවත්, එසේ සිදුවුණේ දූෂණය, නාස්තිය, පිටස්තරයින්ට තිබුණු මුදල් ප්‍රමාණය භාණ්ඩාගාරයට ලැබුණු නිසා බවත් හිටපු මුදල් අමාත්‍ය සහ නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. බීබීසී සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර දෙකක කාලය පිළිබඳ සෑහීමකට පත්වන්නේ දැයි කළ විමසීමකට පිළිතුරු දෙමින් කරුණානායක මහතා මෙහිදී කියා සිටියේ අදාළ කාලපරිච්ඡේදය පිළිබඳව අතිශය සතුටට පත්වන බවයි.

    මෙම තනතුරු මාරුව තමන් මුදල් අමාත්‍යාංශයේ දී පෙන්වන ලද දක්ෂතාවය තවත් තැනක දී පෙන්වන්ට දෙන ලද අවස්ථාවක් බව නව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

    Video Story

    Stock Market

    Exchange Rates