January, 22, 2025
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන්කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරනුයේ, පේරාදෙණිය - බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් මේ සඳහා යෙදවීමට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ (නීති) අබ්දුල්මොසෙන් ඒ අල්මුද්ලා මහතා විසින් කටයුතු කළ බවයි.
එම සංශෝධිත ගිවිසුම් මගින් පේරාදෙණිය - බදුල්ල - චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉතිරි මුදල් මාර්ග ජාල සංවර්ධන ව්‍යාපෘතිය වෙත මාරුකිරීමට අපේක්ෂිත අතර, එය කුරින්චකර්නි පාලම ඉදිකිරීමේ කටයුතු සඳහා වෙන් කරනු ඇත.
මුදල් අමාත්‍යාංශය පවසන්නේ මෙම පාලම ඉදිකිරීමෙන් ප්‍රවාහන අපහසුතා රැසකට විසඳුම් ලබා දීමට නියමිත බවයි.

Video Story