March, 17, 2015
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බොහෝ කාලයත් හිතෛෂීව කටයුතු කරන ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වන එස්. රහ්මාන් මහතා ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයට අමාත්‍යවරයා විසින් පත්කර තිබේ.
බැංකුව විසින් කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ ෂිල්හාන් රහ්මාන් මහතාට වෙළඳ අංශයේ වසර 29 ක පළපුරුද්දක් තිබෙන බවත් ඔහු ප්‍රමුඛතම සමාගම්වල ආනයන සහ අපනයන කළමනාකරුවෙකු ලෙසද සේවය කර තිබෙන බවයි.
මීට අමතරව, ඔහු ප්‍රමුඛතම සමාගමක කළමනාකාර අධ්යක්ෂවරයාගේ පෞද්ගලික සහායකයා ලෙසද සේවය කර තිබෙන බව සඳහන්ය.
පසුගිය වසර 14 ක කාලයක් මුළුල්ලේ රහ්මාන් මහතා රවී කරුණානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
Video Story