මුදල් ඇමති ලංකා බැංකුවේ ප්‍රාග්ධනය වැඩිකරයි

    September, 15, 2017

    ලංකා බැංකු ආඥාපනතේ 7 වැනි වගන්තියේ 2 වැනි උපවගන්තියේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ලංකා බැංකුවේ ගෙවා නිමි ප්‍රාග්ධනය රුපියල් බිලියන 10 සිට රුපියල් බිලියන 15 දක්වා වැඩි කළ යුතු බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිශ්චය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අංක 2036/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.