මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    July, 6, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 ජූලි මස 05 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ම පවත්වා ගැනීමට තීරණය කළේය.

    ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී.

    මුදල් මණ්ඩලයේ මෙම තීරණය මගින් මැදිකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එ මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ හිතකර වර්ධනය සඳහා දායක වීමට අරමුණු කෙරේ.