මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ස්ථාවරයි

    November, 29, 2016

    2016 නොවැම්බර් මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද උදෑසන එළි දක්වනු ලැබූ අතර, ඒ අනුව ඊයේ (28) පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝජග්‍ය බව තීරණය කෙරුණු බව නිවේදනය කර තිබේ.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය පහසුකම් අනුපාතිකය, සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7.00 සහ සියයට 8.50 මට්ටම්වල තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.