August, 31, 2016
ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ දැමීඹ තුළින් වසරේ පළමු මාස හත තුළ දී ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම ආර්ථිකයට ක්‍රමයෙන් සම්ප්‍රේෂණය වෙමින් පවතින බව මුදල් මණ්ඩලය 2016 අගෝස්තු 30 දින පැවති රැස්වීමේ දී නිරීක්ෂණය කර තිබේ.
එබැවින් වසරේ ඉතිරි කාලය තුළ දී මුදල් සහ ණය සමස්තයන් හි වර්ධනය, මැදිකාලීනව උද්ධමනයට මැදි තනි අගයක පවත්වා ගෙන යෑමට උපකාරී වන මට්ටමට මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ..
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 7% සහ 8.5% මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.