මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

    November, 1, 2016

    පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව ඊයේ (31) පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7 සහ සියයට 8.5 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය වී තිබේ.

    මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.