මුදල් ප්‍රතිපත්ති විවරණය බදාදා උදේට කල් යයි

    September, 26, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන 2016 සැප්තැම්බර් මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය සැප්තැම්බර් 28, එනම් ලබන බදාදා දින උදෑසන 7.30 ට නිවේදනය කරනු ලබන බව දන්වා සිටී.

    මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කියා සිටියේ 2016 සැප්තැම්බර් 27 වන දින සවස 6.00 ට සැප්තැම්බර් මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරනු ලබන බවයි.

    කෙසේ වෙතත් අද (26) දින මෙම නිවේදනය බදාදා (28) උදෑසන සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කරන ලදී.