May, 12, 2015
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට 2015 අප්‍රේල් 10 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආර්.ඒ. ජයතිස්ස මහතා පත්කර තිබේ.
ජයතිස්ස මහතා මහජන බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික සංවර්ධන බැංකුව යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙන අතර ජාතික ආර්ථික කවුන්සලයේද සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.
මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, මුදල් අමාත්‍යංශයේද ඉහළ තනතුරු දරා තිබෙන ජයතිස්ස මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට එක්වී තිබෙන්නේ 1975 වසරේදීයි.
ඔහු මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස වසර 05 ක කාලයක් කටයුතු කර තිබෙන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික විශේෂවේදී උපාධිය ලබා තිබෙන අතර ඇමරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා තිබේ.
Video Story