July, 23, 2014
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන සී.ජේ.පී. සිරිවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
සිරිවර්ධන මහතා රුහුණු විශ්ව විද්‍යාලයෙන් කෘෂි කර්මය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගනිමින් 1986 දී කාර්ය මණ්ඩල නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට එක්විය. 1994 වසරේදී වෝවික් සරසවියෙන් හෙතෙම පශ්චාත් උපාධිය ලබා ඇත.
මෙම නව පත්කිරීම ජූලි 14 වනදා සිට බලාත්මක බව මහ බැංකුව කියයි.