May, 22, 2017
අද (22) දින සිදුකරන ලද කැබිනට් සංශෝධනයට අනුව නව මුදල් අමාත්‍යවරයා වශයෙන් හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා දිවුරුම් දී තිබේ.
මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රවී කරුණානායක මහතා විදේශ කටයුතු ඇමතිවරයා වශයෙන් දිවුරුම් දී ඇත.
1994 දී බලයට පත් පොදුජන එක්සත් පෙරමුණු රජයේ අවසාන භාගයේ දී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර මහතා කටයුතු කර ඇත.
මුදල් අමාත්‍යධූරයට අමතරව ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යධූරය ද මංගල සමරවීර මහතාට මෙවර කැබිනට් සංශෝධනයේ දී පැවරී ඇත.
Video Story