October, 14, 2017
මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අමෙරිකාවේ වොෂින්ටන් නුවර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මූලස්ථානයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ හමුවට පසුගියදා සහභාගී විය.
ලොව රටවල් 52ක විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේ මෙවර සභාපතීත්වය දරන්නේ කැනඩාවයි.
විවිධ රටවල විවිධ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් මතුව ඇති කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ හමුව විධිමත් වේදිකාවකි.
මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ "නව්‍යකරණය තුළින් රැකියා අවස්ථා උදා කර ගැනීම" යන්නයි.
Video Story