August, 1, 2025
2025 ජූනි මාසයේ දී රථ වාහන ආනයනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, එක්සත් ජනපද ඩොලර් මිලියන 169.5 ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව 2025 මුල් මාස 06 තුළ දී වාහන ආනයනය වෙනුවෙන් දරා ඇති සමස්ත පිරිවැය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එය ඩොලර් මිලියන 545.7ක් ලෙසින් දැක්වේ. එය 2024 මුල් භාගයේ වාහන ආනයන වියදම වූ ඩොලර් මිලියන 95.6ට වඩා 470.7% ක වැඩිවීමකි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2025 ජූනි මාසයේ විදේශ අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Video Story