මුල් මාස 4 දී විදෙස් ණය ගෙවීම් ඉහළට

    August, 8, 2016

    2016 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් වෙත වූ දේශීය ණය ද ඇතුළුව විදේශීය සෘජු ආයෝජන ලැබීම් 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 346.4 ට සාපේක්ෂව ඩොලර් මිලියන 164.5 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මේ අතර 2016 අප්‍රේල් මස අග දක්වා කොළඹ කොටස් වෙළෙඳපොළ එක්සත් ජනපද ඩොලර් මිලියන 19.5 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර එය ද්විතීයීක වෙළෙඳපොළ වෙතින් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 20.8 ක ශුද්ධ ගෙවීමකින් සහ ප්‍රාථමික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1.3 ක ලැබීමකින් සමන්විත විය.

    2016 වසරේ පළමු මාස 4 දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 25.7 ක ශුද්ධ ලැබීමට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 565.2 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර ඇත.

    2016 වසරේ පළමු මාස හතර තුළ දී රජය වෙත වූ දිගුකාලීන ණව, 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 57 ක ශුද්ධ ලැබීමට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 67.5 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර තිබේ.

    2016 අප්‍රේල් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවෙන් මෙම තොරතුරු අනාවරණය වී තිබේ.