මුල් වරට පැවැත්වූ SLASSCOM නව නිපැයුම් සම්මාන 2018 අති සාර්ථක අන්දමින් නිමවෙයි

    June, 26, 2018

    SLASSCOM නව නිපැයුම් සමුළුව සහ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. IT/BPM ක්ෂේත්‍රවල විශිෂ්ටයින්   ඇගයීම සඳහා SLASSCOM  විසින් මෙම සමුළුව සහ සම්මාන උළෙල සංවිධානය කරන  ලදී අතර IT/BPM ක්ෂේත්‍රවල විවිධ අංශ රැසක් සඳහා සම්මාන පිරිනැමීම මෙහිදී සිදුකෙරිණ.  මෙම සමුළුව සහ සම්මාන උළෙල සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දැක්වූ සියලු  පාර්ශව වෙත  SLASSCOM සිය සුභ පැතුම් පිරිනමයි.

    මෙම සම්මාන උළෙලේදී හොඳම නව නිෂ්පාදනයට හිමි සම්මානය chargeNET විසින් හිමිකරගත් අතර Paymedia සහ  Synapsys විසින් පළමු සහ දෙවන අනුශූරතාව දිනාගනු ලැබීය.  හොඳම ආරම්භක නිෂ්පාදනය හෝ සේවාව අංශයේ ජයග්‍රහණය CBA Solutions (www.payable.lkවිසින් හිමිකරගත් අතර  පළමු සහ දෙවන අනුශූරයින් වූයේ StartupXFoundry (www.maturify.comසහ Zeptolytics  (www.zepto.io)ය. හොඳම සේවාදායක බෙදාහැරීම් නව නිපැයුම් අංශයේ ජයග්‍රහණය ද හිමිකර ගැනීමටCBA Solutions(www.payable.lk)සමත් විය. එම අංශයේ පළමු හා දෙවන අනුශූරතාව WNS Global  Services FP&A සහ  RR Donnelley Outsource විසින් හිමිකරගන්නා ලදී. Pick me  විසින්  හොඳම  ආක්‍රමණකාරී නිපැයුමට සම්මානය දිනාගත් අතර පළමු සහ දෙවන අනුශූරයින් වූයේ CBA Solutions (www.payable.lkසහ Igniterspace වේ. අභ්‍යන්තර ක්‍රියාදාම හොඳම නව නිෂ්පාදන අංශයේ ජයග්‍රහණය Embla Software Innovation විසින් හිමිකරගත් අතර Virtusa Accello සහ  RR Donnelley  විසින් පළමු සහ  දෙවන අනුශූරතාව හිමිකරගැනීමට සමත්විය.  ව්‍යාපාර ක්‍රියාදාම කළමණාකරණයේ හොඳම නව නිපැයුමට හිමි සම්මානය MAS Legato විසින් හිමිකරගත් අතර Strategic Partnership Solutions සහ Infomate විසින් පළමු සහ දෙවන අනුශූරතාවය හිමිකරගන්නා ලදී. හොඳම තාක්ෂණය හෝ සැලසුම්කරණයට අදාල නව නිපැයුමට හිමි සම්මානය iPay (www.ipay.lk)  විසින් හිමිකරගත් අතරVirtusaAiris සහ  Route Perfect by Stax ප්‍රථම සහ දෙවන අනුශූරයින් බවට පත්විය.

    මෙම සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගැනීමට ජාත්‍යන්තර විනිසුරුවන් දෙදෙනෙකු දායක වූ අතර ඔවුන් පවසා ඇත්තේ ඉදිරිපත් කර තිබූ සියලු නිර්මාණ ඉතා හොඳ නව අදහස් වලින් පරිපූර්ණ ඒවා බවයි. සුවිශේෂි කරුණු සදහා වන විසදුම් රැසක් මෙම නව නිපැයුම් තුළින් ඉදරිපත් කර තිබූ බව  මෙම සම්මාන විනිශ්චය සඳහා එක්ව සිටි   Bella Pear LLC හි සම නිර්මාතෘ මෙන්ම CFO රේන් ගොන්සාලේස් පැවසීය.  මෙහි විනිසුරවරයෙකු ලෙස කටයුතු කල Prizle හි ප්‍රධාන විධායක නිලධාරි ගිලොම් ඇල්බර්ට් පවසා සිටියේ  මෙම ජයග්‍රාහකියන් ශ්‍රී ලංකාව පමණක් නොව ජාත්‍යන්තරයේ ද ජයග්‍රාහකයින් ලෙස සැලකිය හැකි බවයි. විශිෂ්ඨ නිපැයමකට විශිෂ්ඨ මෙහෙවරක් ඉටු කළ හැකි බව ද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

    මෙම සමුළුවේ ප්‍රධාන දේශන පවත්වනු ලැබූවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය  ආචාර්ය සොවුමිත්‍ර දත්තා විසින් වන අතර කෝනෙල් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලෝඩෙස් කැසනෝවා ද සමුළුව ඇමතීය. මීට සමගාමීව පවත්වනු ලැබූ විද්වත්  සාකච්ඡා වටය සදහා  CodeGen හි ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හර්ෂ සුභසිංහ  ,  kapruka.com හි නිර්මාතෘ සහ  සභාපති ඩුලිත් හේරත් , Venture Frontier Lanka හි සම නිර්මාතෘ හේමින්ද ජයවීර සහභාගි වූ අතර  සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර අලෙවි අමාත්‍යංශයේ (MoDSIT) උපදේශක  අනුෂ්ක විජේසිංහ විසින් විද්වත් සාකච්ඡා වටය මෙහෙයවනු ලැබීය.

    SLASSCOM නව නිපැයුම් සම්මාන 2018 සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය Auxenta (www.auxenta.com) and Hatch විසින් දරනු ලැබූ අතර  SLASSCOM හි ආයතනික අනුග්‍රහය සහ   විශේෂඥ සන්නිවේදන සහකරු වශයෙන් කටයුතු කරනු ලැබූවේ Dialog Enterprise විසිනි. මීට අමතරව මෙම සමුළුව සඳහා SimCentric Technologies, the Information and Communication Technology Agency (ICTA) , Lankan Angel Network , LearnTV යන ආයතන සහකරුවන් වශයෙන්  දායකත්වය දැක්වූහ.

    ඡායාරූප - වමේ සිට කෝනෙල් විශ්ව විද්‍යාලයේ කළමණාකාරණ පීඨයේ මහාචාර්ය ආචාර්ය සොවුමිත්‍ර දත්තාkapruka.com හි නිර්මාතෘ සහ  සභාපති ඩුලිත් හේරත් ,  CodeGen හි ප්‍රධාන විධායක නිලධාරි  ආචාර්ය හර්ෂ සුභසිංහ, Venture Frontier Lanka හි සම නිර්මාතෘ හේමින්ද ජයවීරසංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර අලෙවි අමාත්‍යංශයේ (MoDSIT) උපදේශක  අනුෂ්ක විජේසිංහ