මුල කාර්තුවේදී වෙළෙඳ හිඟය අඩුවෙයි. රුපියලේ අගය තවදුරටත් පහළට.

    May, 23, 2016

    2016 වසරේ පළමු මාස තුන වෙළෙඳ ගිණුමේ හිගය 2.2% කින් අඩු වී තිබේ. මේ අතර වසරේ මුල් මාස 4 තුළ දී සංචාරක ඉපයීම් 20% කින් ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පළමු කාර්තුව තුළ 8.1% ක ඉහළ යෑමක් වාර්තා කර ඇත.

    පෙර මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.2 ක්වූ දළ නිල සංචිත ප්‍රමාණය, 2016 අප්‍රේල් අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 6.1 ක් දක්වා සුළු වශයෙන් අඩු වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර 2016 වසරේ මේ දක්වා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.