මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

    November, 29, 2016

    අයවැය යෝජනාවන් හි සඳහන් වන පරිදි බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම් මගින් සිදුකෙරෙන මුදල් ගනුදෙනු සඳහා මූල්‍ය ගනුදෙනු ගාස්තුව නමින් රු. 10,000 කට රු. 5 ක බද්දක් අය කිරීම සිදුකරනු ලබන්නේ පාරිභෝගිකයාගෙන් නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය. ඊයේ (28) දෙරණ 360 සංවාදාත්මක දේශපාලන වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    “ඒ රු. 5 ගෙවන්නේ බැංකුව මිසක්, ඒ ගිණුම් තියෙන එක්කෙනා නොවෙයි. ජනතාවට මේකෙන් බරක් පැටවෙන්නේ නැහැ. බැංකුවල ලාභයෙන් තමයි මේක ගෙවන්න තියෙන්නේ“, මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.