March, 27, 2025
2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට නියමිත සහ එසේ අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සදහා දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන තුනකි (රු. 3,000,000.00). එලෙස දණ්ඩන මගින් එකතු කරගන්නා ලද මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදි.
1. ඉන්දියන් බෑන්ක්
දණ්ඩනය පනවන ලද දිනය : 2024 දෙසැම්බර් 18
වටිනාකම : රු. 2,000,000.00 (රුපියල් මිලියන දෙකකි)
දණ්ඩනය ගෙවන ලද දිනය : 2024 දෙසැම්බර් 31
දණ්ඩනය පැනවීමට හේතුව : පහත දැක්වෙන පරිදි 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද රිතීන්, රෙගුලාසි සහ නියෝගයන්ට අනුකූල නොවීම හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදි.
2. අමානා තකාෆුල් ලයිෆ් පීඑල්සී
දණ්ඩනය පනවන ලද දිනය : 2024 දෙසැම්බර් 18
වටිනාකම : රු. 1,000,000.00 (රුපියල් මිලියනයකි)
දණ්ඩනය ගෙවන ලද දිනය : 2024 දෙසැම්බර් 30
දණ්ඩනය පැනවීමට හේතුව : පහත දැක්වෙන පරිදි 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත ඒ යටතේ නිකුත් කරන ලද රීතීන්, රෙගුලාසි සහ නියෝගයන්ට අනුකූල නොවීම හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදි.
- 2012 අංක 2 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසි (එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 1267), සහ 2017 එක්සත් ජාතීන්ගේ (කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව සම්බන්ධයෙන් වන සම්බාධක) රෙගුලාසි (එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 1718) යටතේ නම් කරන ලද පුද්ගලයන්ගේ සහ ආයතන වල ලැයිස්තුවක් පවත්වාගෙන යාමට සමාගම අපොහොසත් වීම.
- 2024 ජුනි 03 වන දිනැති අංක 2387/02 දරන අති විශෙෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසි (එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 1373) යටතේ නම් කර ඇති පුද්ගලයන්ගේ සහ ආයතන වල යාවත්කාලීන වූ ලැයිස්තුවෙහි සමාගමේ දැනට ව්‍යාපාරික සබඳතා පවත්වාගෙන යන කිසිදු ගනුදෙනුකරුවකු නොමැති වීම සනාථ කිරීමට සාධාරණ වාර්තාවක් හෝ සාක්ෂියක් පවත්වාගැනීමට සහ ලබාදීමට සමාගම අපොහොසත් වීම.
Video Story