මෙගාවොට් 10ක සූර්ය තාප විදුලි උත්පාදන බලාගාරයක් වව්නියාවට

    May, 23, 2016

    වයිඩෙක්සා (ලංකා) පවර් කෝපරේෂන් පෞද්ගලික සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 14.5 ක පමණ ආයෝජනයකින් මෙගාවොට් 10 ක ධාරිතාවකින් යුත් සූර්යතාප විදුලි උත්පාදන ව්‍යාපෘතියක් වව්නියාව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති අතර, එමඟින් ‍වාර්ෂිකව ගිගාවොට් පැය 19 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබා දීමට අපේක්ෂා කෙරේ.

    ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වව්නියාව, නැඳුන්කුලම, කට්ටාර්සින්නකුලම ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 22 ක පමණ වපසරියකින් යුතු ඉඩමක් එම සමාගම වෙත බදු දීම සඳහා එකී ඉඩම රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත නිදහස් ප්‍රදානයක් ලෙස පැවරීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates