December, 28, 2015
එකම සමාගමක් යටතේ සම්පූර්ණ කාර්යාල සහ ගොඩනැගිලි විසඳුම් ලබා දීම වෙනුවෙන් මෙට්‍රොපොලිටන් සමාගම දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් මෙට්‍රොපොලිටන් කාර්යාලය චීනයේ ෂැංහයි මිට්සුබිෂී එලිවේටර්ස් සමාගම සමග අත්වැල් බැඳ ගනී.
ලොව විශාල මගී සෝපාන, එස්කලේටර් සහ මගී තීරු සැපයුම්කරුවන ෂැංහයි මිට්සුබිෂී එලිවේටර්ස් සමාගම යුරෝපය, එක්සත් ජනපදය සහ ආසියාව පුරා සිය නිෂ්පාදන බෙදා හරී. මෙය, චීනයේ තිරස් සහ සිරස් පරිවහන ක්ෂේත්‍රයේ විශාලතම සැපයුම්කරුවෙකු මෙන්ම ලොව ප්‍රමුඛතම සමාගමක් ද වෙයි.
"ක්ෂේත්‍රයේ දශක පහකට අධික අත්දැකීම් සම්භාරයකට මෙන්ම ශ්‍රී ලංකාව පුරා ශාඛා ජාලයකට ද හිමිකම් කියන සමාගමක් සමග අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. මෙට්‍රොපොලිටන් සමාගමේ තාක්ෂණික සහ අලෙවි විශේෂඥතාවත්, පැය 24 පුරා ක්‍රියාත්මක සේවාවත්, අප සමාගමේ තාක්ෂණය සහ සේවාවන් ද මනා සංකලනයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි." ෂැංහයි මිට්සුබිෂී එලිවේටර්ස් සමාගමේ ජාත්‍යන්තර වෙළඳ අංශයේ ජ්‍යෙෂ්ඨ විකුණුම් කළමනාකාර ෂූ ෆෙයි මහතා සඳහන් කළේය.
"මෙට්‍රොපොලිටන් සේවා ජාලයට එක් වූ නවතම සිරස් සහ තිරස් පරිවහන අංශයත් සමග, සියලුම ගොඩනැගිලි සහ ව්‍යාපෘති අවශ්‍යතාවන් එකම වහලක් යටතේ සිදු කර ගැනීමේ අවස්ථාව ඉදිකිරීම් ක්ෂේත්‍රයට හිමි වනවා." මෙට්‍රොපොලිටන් ඉංජිනේරු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අයිවෝ මහරූෆ් මහතා ප්‍රකාශ කළේය.
වායු සමීකරණ, චිලර් යන්ත්‍ර, ජාලගතකරණ පහසුකම්, පරිගණක, මුද්‍රණ පහසුකම්, දුරකථන පහසුකම් හා සන්නිවේදන යටිතල පහසුකම්වල සිට ගෘහභාණ්ඩ, ස්වයංක්‍රිය දෘඩාංග හා මෘදුකාංග, ස්මාර්ට් කාඩ්, CCTV නිෂ්පාදන දක්වා ඕනෑම ගොඩනැගිලි කළමනාකරණ හා කාර්යාල පහසුකම් මෙට්‍රොපොලිටන් වෙතින් ලබා ගත හැකිය.
"කිසිඳු දෝෂයක් ඇති නොවීමේ ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කරන ලොව ප්‍රමුඛතම සිරස් හා තිරස් පරිවහන ප්‍රමුඛයෙකුවන ෂැංහයි මිට්සුබිෂී එලිවේටර්ස් සමාගම සමග එක්ව අපගේ සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වීම පිළිබඳ අප ආඩම්බර වනවා." මහරුෆ් මහතා වැඩිදුරටත් අදහස් පළ කළේය.
ෂැංහයි මිට්සුබිෂී යනු චීනයේ ෂැංහයි ඉලෙක්ට්‍රික් සහ ජපානයේ මිට්සුබිෂී ඉලෙක්ට්‍රික් සංස්ථාවේ එකතුවකි. හවුල්කරුවන් සිවු දෙනෙකුගේ අරමුදලින් 1987 වසරේදී ආරම්භ කෙරුණු ෂැංහයි මිට්සුබිෂී එලිවේටර් සමාගම, ලොව විශිෂ්ටතම තාක්ෂණය භාවිතා කිරීම සහ විශිෂ්ටත්වය වෙනුවෙන් දක්වන කැපවීම තුළින් පසුගිය වසර 28 ක කාලය තුළ අඛණ්ඩව වසර 16 ක් වෙළඳපල ප්‍රමුඛයා ලෙස සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව සිටී.
ඒකාබද්ධ සමාගමක් ලෙස ලොව වැඩිම වාර්ෂික නිමැවුමකට හිමිකම් කියන ෂැංහයි මිට්සුබිෂී එලිවේටර් සමාගම, සංවර්ධනය, නව්‍යකරණය, මගී පරිවහනයේ සැබෑ ආස්වාදය ලබා දීම සහ ජීවිතයට චමත්කාරජනක අත්දැකීමක් ලබා දීම තුළින් ක්ෂේත්‍රය ඓතිහාසික වෙනසකට ලක් කළේය.
Video Story