October, 2, 2025
2025 සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 155,000 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 158,971ක් ලෙසයි.
මින් පෙර ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වූ වසර වන 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා වී ඇත්තේ 149,087ක සංචාරක පැමිණීමක් වන අතර ඒ අනුව 2018 වසර හා සැසදීමේ දී මෙය 6.6% ක වර්ධනයකි.
2024 වසරේ සැප්තැම්බර් මාසය හා සැසදීමේ දී ද එය 30.2%ක වර්ධනයකි.
සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවන්ට අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,725,494ක් ලෙස වාර්තා වෙයි.
මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වන්නේ අඛණ්ඩව ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 375,292ක් ලෙසයි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් 161,893ක්, රුසියාවෙන් 122,144ක් සහ ජර්මනියෙන් 106,988ක් ලෙස වසරේ ගත වූ කාල සීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.




Video Story