August, 10, 2017
ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ 2013 වසරේ සිට මේ දක්වා විගණනය කරන ලද සියලූම ගිණුම් හා බැංකු වාර්තා වහාම ඉදිරිපත් කරන ලෙස භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් හෝල්ඩිංග්ස් වෙත දැනුම් දී ඇත.
ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන කොටස්කරුවා, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වන අතර කොමිසමේ මෙම නියෝගය අර්ජුන් ඇලෝෂියස් මහතා වෙත දැනුම් දී ඇති බව ඇලෝෂියස් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ඊයේ (09 දා) කොමිසමට දැනුම් දුන්නේය.
Video Story