September, 15, 2014
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙරට ආර්ථික වර්ධනය පිළිබඳ නවතම දත්ත හෙළිදරව් කර තිබෙන අතර 2014 දෙවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2013 අදාළ කාර්තුවට සාපේක්ෂව සියයට 7.8 ක් බව අනාවරණය කර තිබේ.
මෙහිදී, කෘෂි කාර්මික අංශය සියයට 10.6 කින්ද, කර්මාන්ත අංශය සියයට 31.5 කින්ද, සේවා අංශය සියයට 58 කින්ද දළ දේශීය නිෂ්පාදිතයට දායක වී ඇත.
මේ අනුව, කර්මාන්ත අංශය ලබා තිබෙන වර්ධනය සියයට 12.2 ක් වන අතර කෘෂි කාර්මික අංශය ලබා තිබෙන වර්ධනය සියයට 5.9 කි.
සේවා අංශය 2014 දෙවන කාර්තුවේදී සියයට 5.7 කින් වර්ධනය වී තිබේ.
Video Story