February, 18, 2015
සිංහ හොස්පිට්ල්ස් ලිමිටඩ් සමාගම මහජන කොටස් නිකුතුවක් කිරීමට සූදානම් වන අතර මෙහිදී සාමාන්‍ය කොටස් මිලියන 100 ක් නිකුත් කිරීම මගින් රුපියල් මිලියන 250 ක් රැස්කර ගැනීමට සැලසුම් කර තිබේ.
සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම නිකුතුවේදී එකක් රුපියල් 2.50 ක් වන සාමාන්‍යය ඡන්ද සහිත කොටස් මිලියන 100 ක් නිකුත් කරන බවයි.
නිකුතුව 2015 මාර්තු 12 වනදා විවෘත වන අතර එය දිරිසවි පුවරුවේ ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබේ.
Video Story