මෙන්න! ජෝන් කීල්ස් ලාභ

    May, 27, 2014

    මෙරට ප්‍රධානතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් සමාගමේ නවතම ගිණුම් වාර්තා එළිදක්වා තිබෙන අතර 2014 මාර්තු කාර්තුවේදී සමාගමේ ලාභය සියයට 09 කින් පහළ වැටී රුපියල් බිලියන 4.6 ක ලාභයක් උපයා ගෙන තිබේ.

    මේ අනුව, මෙම කාර්තුවේදී සමූහය විසින් කොටසකට අදාළව රුපියල් 4.63 ක ලාභයක් උපයා ගැනීමට සමත්ව තිබෙන අතර මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී උපයාගෙන තිබෙන කොටසකට අදාළ ලාභය රුපියල් 12.33 කි.