මෙන්න! ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුවේ අළුත් සභාපති

    September, 30, 2014

    ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස දැනට ඩී.එෆ්.සී.සී බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සෙඩ්‍රික් රොයිල් ජෑන්ස් මහතා පත්කර තිබේ.

    ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුවේ වත්මන් සභාපතිවරයා වන ජේ.එම්.එස්. බ්‍රිටෝ මහතා ලබන ඔක්තෝම්බර් 11 වනදා සිට විශ්‍රාම යෑමට නියමිතය.

    ජෑන්ස් මහතා ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පසුගිය ජුනි මාසයේ සිට කටයුතු කරයි.

    සේයාරුවේ සිටින්නේ සෙඩ්‍රික් රොයිල් ජෑන්ස් මහතායි.