මෙන්න තවත් බැඳුම්කර මගඩියක්

    December, 11, 2015

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකර ඇති ආයෝජනයක් සම්බන්ධ අක්‍රමිකතාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසිනි.

    2009 වසරේ දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් බිලියන 3 කට ආසන්න මුදලක් පුද්ගලික ආයතනයක් හරහා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර ඇත.

    එහෙත් 2014 දෙසැම්බර් 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකු තොරතුරුවලට අනුව එවැනි ආයෝජනයක් සිදු වූ බවට කිසිදු වාර්තාවක සඳහන් වී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය විසිනු කරන ලද විමර්ශනයක දී තහවුරු වී තිබේ.

    2009 වසරේ දී මෙම මුදල් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කළ බවත්, කල්පිරීමට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමැතියකින් තොරව අදාළ නිකුතු සමාගම හරහා අදාළ මුදල් නැවත ලබා ගෙන ඇති බවත් මෙහිදී වැඩිදුරටත් කරුණු හෙළිදරව් වී ඇත.