September, 1, 2015
2015 මුල් මාස හය තුළදී මෙරට පුද්ගලික අංශය විසින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 205 කින් ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.
2014 වසරේ මුල් මාස හය තුළදී පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය 2013 අදාළ කාලය සමග සැසඳීමේදී රුපියල් බිලියන 53 කින් පහළ බැස තිබුණි.
මහ බැංකුව පවසන්නේ කර්මාන්ත සහ සේවා අංශයට ලබාදුන් ණය ප්‍රමාණය වඩාත් පුළුල්වීම මේ වසරේ මුල් මාස හය තුළදී පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය වර්ධනය වීමට හේතුවූ බවයි.
Video Story