මෙන්න! ලංකාවට ව්‍යාපාරික සංචාරකයින් පැමිණෙන හැටි

    April, 15, 2014

    මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය වෙද්දී ව්‍යාපාර සඳහා මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණයද වර්ධනය වෙමින් තිබෙන බව අනාවරණය වේ.

    මේ අනුව, 2013 වසරේදී මෙරටට පැමිණි ව්‍යාපාරික සංචාරකයින් ප්‍රමාණය 94,320 ක් දක්වා සියයට 4.8 කින් වර්ධනය වී ඇත.

    2009 වසරේදී මෙරටට පැමිණ තිබෙන්නේ ව්‍යාපාරික සංචාරකයින් 38,473 ක ප්‍රමාණයකි.

    2013 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 26.7 කින් වර්ධනය වූ අතර පැමිණි ප්‍රමාණය 12,74,593 ක් විය.