March, 25, 2016
කොමර්ෂල් බැංකුවේ තිරසාර වාර්තාව ^The Sustainability Report& මෙරට බැංකු අංශයේ හොඳම තිරසාර වාර්තාව ලෙසින් ශ‍්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයට ^ACCA& විසින් සංවිධානය කළ 2015 ශ‍්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානයේදී බුහුමනට ලක්විය.
කොමර්ෂල් බැංකුවේ 2014 වාර්ෂික වාර්තාවේ ඇතුළත් ප‍්‍රධාන අංශ පහ අතුරින් එකක් වන පිටු 57 කින් සමන්විත පුළුල් තිරසාර වාර්තාව 2014 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මූල්‍ය වසර තුළදී මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුවේ ආර්ථික, සාමාජීය සහ පාරිසරික කාර්ය සාධනය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයකි.
ශ‍්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් මෙම ගෞරවණීය තිරසාර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවය 12 වන වසර සඳහා සංවිධානය කළ අතර මෙහිදී එක් සමස්ත ශුරතාවයක්, අනු ශුරතාවයක් මෙන්ම කර්මාන්ත අංශ 06 ක් වෙනුවෙන් අමතර සම්මාන 13 ක් ප‍්‍රදානය කරන ලදී. මෙම සම්මාන ප‍්‍රදානය සඳහා අයදුම්පත් තෝරාගනු ලැබුවේ පරිපූර්ණත්වය, විශ්වසනීයත්වය සහ සන්නිවේදනය යන අංශ තුන සැලකිල්ලට ගනිමිනි. මෙම සම්මාන පරිසර අමාත්‍යංශය සහ ග්ලෝබල් කම්පැක්ට් නෙට්වර්ක් සිලෝන් විසින් සහතික කර තිබේ.
කොමර්ෂල් බැංකුවේ 2014 වාර්ෂික වාර්තාව විසින් සිදුකළ එම වසරේ තිරසාර වාර්තාකරණය සම්බන්ධයෙන් දිනාගත් දෙවන සම්මානය මෙය වන අතර සමස්තයක් ලෙස එම වාර්තාව දැනට සම්මාන 07 ක් දිනාගැනීමට සමත්ව ඇත. 2016 පෙබරවාරි මාසය මුලදී කොමර්ෂල් බැංකුවේ 2014 වාර්ෂික වාර්තාව සිංගප්පූරුවේ පැවති ආසියානු තිරසාරාත්මක වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ^Asia Sustainability Reporting Awards& ආසියාවේ හොඳම ඒකාබද්ධ වාර්තාවට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය. මීට අමතරව, ශ‍්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් සංවිධානය කළ 2015 වාර්ෂික වාර්තා සම්මාන ප‍්‍රදානයේදී බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව වෙනුවෙන් පිරිනමන එඞ්මන්ඞ් ජේ. කුරේ අනුස්මරණ සම්මානය ඇතුළු සම්මාන පහක් දිනාගැනීමට බැංකුවේ 2014 වාර්ෂික වාර්තාව සමත්විය.
‘‘අපගේ මෙහෙයුම්වල සියළුම අංශ පරිපූර්ණ වශයෙන් අනාවරණය කිරීමේ වැදගත්කම පිළිබඳව අපි සෑමවිටම විශ්වාස කරනවා.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. ‘‘සෑම වසරකම අපගේ වාර්ෂික වාර්තාවට අළුත්ම යහ ක‍්‍රමවේදයන් ඇතුළත් කිරීමට විශාල පරිශ‍්‍රමයක් ගන්නවා. මේ නිසා, ශ‍්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් ලබාදුන් මෙම සම්මානය අපට ධෛර්යක්.’’
ඔහු පැවසුවේ කොමර්ෂල් බැංකුවේ 2014 තිරසාර වාර්තාව ග්ලෝබල් රිපෝර්ටින් ඉනිෂියේටිව් (GRI)හි, උපදේශන සංස්කරණ G4 සහ තිරසාර වාර්තාකරණය සඳහා G4 මූල්‍ය සේවා අංශ අතිරේකය අනුගමනය කර තිබෙන බවයි.
‘Combanking‘ යන තේමාවෙන් නිකුත් කෙරුණු කොමර්ෂල් බැංකුවේ සම්මානලාභී 2014 වාර්ෂික වාර්තාව පිටු 432 කින් යුක්ත වේ.
මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 625 ක් සහ බැංකු ශාඛා 250 ක් තිබෙන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම පස් වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුවයි. 2014 වසරේදී ලංකාවේ වඩාත් වටිනාම පුද්ගලික අංශයේ සන්නාමය ලෙසත් වසර ගණනාවක් පුරා මෙරට හොදම බැංකුව ලෙසත් තවත් දෙස් විදෙස් සම්මාන රැසකට කොමර්ෂල් බැංකුව පාත‍්‍රවී ඇත. ලංකා වාණීජ මණ්ඩලය විසින් ශී‍්‍ර ලංකාවේ හොදම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට 2013 දී සහ 2014 වසරේදී බැංකුව තෝරා ගන්නා ලදීග
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. 2015 සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමුපෙළ බැංකුවක් ආරම්භ කිරීමේ නියාමන අනුමැතිය බැංකුවට හිමිවිය. සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මුදල් හුවමාරු මෙහෙයුම් කටයුතු ඉතාලියේ සිදුකිරීමට බැංකුවට පසුගියදා බලපත‍්‍රයක් හිමිවිය.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී ජෙගන් දුරෙයිරත්නම් මහතා (වමේ) බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් මහතා අතින් සම්මානය ලබාගනී.
Video Story