මෙරට බැංකු කිහිපයකටම උපක්‍රමික ආයෝජකයින්

    April, 1, 2014

    මෙරට බැංකු සහ බැංකු නොවන මූල්‍යායතන කිහිපයකටම නව ප්‍රාග්ධනය එක් කිරීමට උපක්‍රමික ආයෝජකයින් කිහිප දෙනෙකුම කැමැත්ත පළකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ එවැනි ආයෝජන මගින් මෙම ආයතනවල ශේෂ පත්‍රය ශක්තිමත් වනු ඇති බවත් ව්‍යාපාර පුළුල් කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බවයි.

    මේ අතර, මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි මහ බැංකුව සඳහන් කර තිබේ.