මෙරට රන්මිල අද රු. 9,000කින් පහළට

    March, 19, 2026

    මෙරට රන් මිලෙහි සැලකිය යුතු පහළ යාමක් අද (19) දිනය තුළ දී වාර්තා වී ඇති අතර අද පෙරවරුව වන විට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ රන් මිල පෙර දිනයට සාපේක්ෂව රුපියල් 9,000කින් පහළ ගොස් ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි විය.

    ඒ අනුව "කැරට් 24" රන් පවුමක මිල රුපියල් 398,000ක් දක්වා පහළ ගොස් ඇති අතර "කැරට් 22" රන් පවුමක මිල රුපියල් 366,200ක් දක්වා පහත වැටී ඇති ඇති බවට වාර්තා වෙයි.

    මේ අතර ගෝලීය රන් අවුන්සයක මිල අද පෙරවරුව වන විට ඩොලර් 4,850ක් දක්වා පහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.