March, 27, 2014
වේගයෙන් වර්ධනය වන මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳ පොළේ වෙළඳ පොළ ප්‍රබලයා Samsung බවත් දෙවැන්නා Huawei බවත් තෙවැන්නා E-Tel බවත් අනාවරණය වේ.
CyberMedia Research විසින් එළිදක්වා තිබෙන නවතම වාර්තාවෙන් හෙළිවන්නේ 2013 හතරවන කාර්තුවේදී මෙරට ස්මාර්ට් ජංගම දුරකතන මිලියන 0.12 ක් අලෙවි වී තිබෙන බවයි.
මෙයින් සියයට 21.2 ක් Samsung බවත් සියයට 19.6 ක් Huawei බවත් සියයට 16.1 ක් E-Tel බවත් සඳහන්ය.
සමස්තයක් ලෙස ගත්විට තවමත් මෙරට ජංගම දුරකතන වෙළඳ පොළේ ප්‍රමුඛයා වන්නේ Nokia සමාගමයි. සමස්තයක් ලෙස දෙවැන්නා Micromax වන අතර තෙවැන්නා Samsung වේ.
Video Story