මෙවර අයවැයෙන් වෑන් මිල අඩුවෙයිද? ඒ සඳහා යෝජනාවක්

    October, 9, 2015

    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් 2016 අයවැය සකස් කිරීම සඳහා යෝජනා මාලාවක් මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබෙන අතර එයට ලොරි රථ සහ වෑන්රථවල රේගු බදු අඩුකිරීම වෙනුවෙන් යෝජනාවක්ද ඇතුළත් කර ඇත.

    මෙහි සඳහන් වන්නේ දැනට ලොරි රථවල හා වෑන් රථවල රේගු බදු ප්‍රතිශතයන් ඉතා ඉහළ අගයක් ගන්නා බවත් රටේ සංවර්ධනයට, භාණ්ඩ ප්‍රවාහනයට සහ සංචාරක ව්‍යාපාරයට මෙම රථ ඉතාමත් අත්‍යවශ්‍ය බවයි.

    මේ නිසා, මෙවර අයවැයෙන් මෙම වෙළඳ වාහනවල බදු අඩුකර දෙන ලෙස ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලා ඇත.

    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය යනු මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වාහන ආනයනකරුවන් 339 දෙනෙකුගෙන් සමන්විත සංගමයකි.