මෙවර අයවැයෙන් විදුලි කාර් වලට වැඩි ඉඩක්

    October, 27, 2014

    සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන මෝටර් රථ මෙරට ප්‍රචලිත කරන්නැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය විසින් පසුගියදා මුදල් අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමට අනුව විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ වෙනුවෙන් අයකළ සියයට 38 ක් වන බද්ද සියයට 23 ක් දක්වා 2015 අයවැය මගින් අඩුකර තිබේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා පැවසුවේ මෙම අයවැය යෝජනාව නිසා විදුලියෙන් ක්‍රියාකරන මෝටර් රථවල මිලද අඩුවන බවයි.

    ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ඉන්ධන ආනයනය කිරීම අඩුකර ගැනීමේ අරමුණෙන් 2015 අයවැයෙන් සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන ප්‍රචලිත කිරීම සඳහා සහනයක් ලබාදෙන්නැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය මුදල් අමාත්‍යශයෙන් ඉල්ලා සිටියේය.

    මෙම මෝටර් රථවල බැටරිය ආරෝපණය කිරීමට රටපුරා පිහිටි සිපෙට්කෝ පිරවුම්හල් 50 ක ආරෝපණය කිරීමේ යන්ත්‍ර ස්ථාපිත කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත් එම යන්ත්‍ර ජපානයෙන් ලබාගත හැකි බවත් සංගමය රජයට කියා තිබුණි.

    Video Story

    Stock Market

    Exchange Rates