July, 2, 2020
සර්වෝදය ව්‍යාපාරයේ මූල්‍ය සේවා අංශය ලෙස ප්‍රකට සර්වෝදය සංවර්ධන මූල්‍ය ආයතනය (SDF) අතිශය අභියෝගාත්මක වසරක් වූ 2019-20 මූල්‍ය වසර තුළ දී වාර්තාගත ලාභාංශ වර්ධනයක් අත්පත් කරගනී.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම උදෙසා සර්වෝදය ව්‍යාපාරය විසින් සිදුකරන සමාජ සංවර්ධන ක්‍රියාකාරකම් සහ පුණ්‍යාධාර කර්තව්‍යයන් වෙනුවෙන් අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන මූල්‍ය ආයතනයක් වූ සර්වෝදය සංවර්ධන මූල්‍ය ආයතනය මෙතෙක් රට මුහුණදුන් ඉහළම අභියෝගාත්මක කාලවකවානුවක් වූ මේ කාල පරාසයේ දී පවා පැමිණි බාධක ජයගෙන ඔවුන්ගේ ව්‍යාපාර ඉතිහාසයේ වාර්තාගත විශිෂ්ටත්වයක් සනිටුහන් කළ මූල්‍ය වසරක් ලෙස මේ වසර හැඳින්විය හැක.
2019 - 20 මූල්‍ය වසර ආරම්භ වූයේ ශ්‍රී ලාංකිකයන් සිහිනයෙන්වත් නොසිතූ අතිශය අවාසනාවන්ත පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ බලපෑමත් සමඟය. ඉන්පසු අයහපත් කාලගුණය, කෘෂිකර්මාන්තයෙන් නිසි අස්වනු නොලැබීමක්, දේශපාලන අස්ථාවරත්වයක් සහ සමස්ත ආර්ථික වර්ධනයේ කඩා වැටීමක් පෙන්නුම් කරමින් වසර ඉදිරියට ඇඳී ගියේය. තවද වසර අග දී ගෝලීය වශයෙන් කොවිඞ් වසංගත තත්ත්වයේ ප්‍රබල මතුවීමක් පෙන්නුම් කළ අතර ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් සියලු සමාජ සංචරණයන් නවතා දමා ලොක්ඩවුන් තත්ත්වයට පත්වූ අතර මෙයින් ගෝලීය සහ දේශීය වෙළඳපළ අකර්මණ්‍ය වී එම පද්ධතියට දැඩි බලපෑමක් එල්ලවිය.
මේ සියලු අභියෝග, කඩාවැටීම් වලට නිවැරදිව මුහුණ දුන් SDF ආයතනය වසරින් වසර 14.4%ක අඛණ්ඩ ආදායම් වර්ධනයක් පෙන්නුම් කරමින් මෙහෙයුම් ලාභාංශ වර්ධනය 48%ක් සටහන් කිරීමට සහ සියලු බදු ගෙවීමෙන් පසු ලාභාංශ වර්ධනය 147%ක සුවිශේෂී සන්ධිස්ථානයක් අත්පත් කරගැනීමට සමත්විය.
’‘SDF එකේ ලාභාංශ කෙනෙකුගේ පෞද්ගලික සාක්කුවට යන්නේ නැහැ කියලා ඔබ දන්නවා ඇති. ප්‍රතිපත්තියක් විදිහට අපි ලබන ලාභ අපේ මව් ආයතනය වන සර්වෝදය ව්‍යාපාරය වෙනුවෙන් වැය කරනවා. එතන දී විවිධ සමාජ සංවර්ධන වැඩසටහන් සහ දුප්පත්කම නැති කිරීමේ වැඩසටහන් වෙනුවෙන් අපි උපයන මුදල් නැවත වැය කරනවා. මේ නිසාම අපිට වැඩිපුර ලාභයක් ලැබෙන එක ගැන මමත් මගේ SDF කණ්ඩායමේ හැමෝමත් ආඩම්බර වෙනවා. අපි ජනතාවට ඝෘජුවම මූල්‍ය සහයෝගය ලබාදෙන ගමන් ලංකාවේ ජීවත්වෙන සහයක් අවශ්‍ය දරුවෝ, තරුණ, වැඩිහිටි, කාන්තා, මහලු ආදී සෑම සියලු දෙනාටම සර්වෝදය ව්‍යාපාරය හරහා වක්‍රාකාරයෙන් උදව් කරනවා. ඒවගේම අපව විශ්වාස කළ අපේ පාරිභෝගිකයන්ට මගේ ස්තූතිය පුදකරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. කොවිඞ් 19 වසංගතයේ බලපෑමට ලක්වුණු අපේ පාරිභෝගිකයන්ගේ ජීවිත නඟා සිටුවීම වෙනුවෙන් අපට පුලුවන් සෑම දෙයක්ම කරන්න අපි සූදානමින් ඉන්නවා” යැයි SDF ආයතනයේ සභාපති චන්න ද සිල්වා මහතා සිය අදහස් දැක්වීමේදී පැවසීය.
2019 - 20 වසරේදී SDF ලබාගත් මූල්‍ය ප්‍රගතිය
2019 - 20 මූල්‍ය වසරේදී පමණක් SDF සිය මූල්‍ය සේවා හරහා රුපියල් බිලියන 1.80 ක සම්පූර්ණ ආදායමක් වාර්තා කිරීමට සමත්විය. එය පසුගිය 2018 - 19 මූල්‍ය වසරේදී වාර්තා කළ රුපියල් බිලියන 1.57ක සම්පූර්ණ ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 227.1 ක සුවිශේෂී වර්ධනයකි. එමෙන්ම පසුගිය වසරේ මෙහෙයුම් ලාභාංශය වූ රුපියල් මිලියන 156.7 ට සාපේක්ෂව මෙම වසරේ රුපියල් මිලියන 237.1 ක මෙහෙයුම් වර්ධනයක් වාර්තා කරගැනීමට ද ඔවුන් සමත්වී තිබේ. පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගිය බදු අයකිරීම් සහ මෙහෙයුම් පිරිවැය වැඩිවීම් ආදියට අභියෝග කරමින් බදු වර්ධනයෙන් පසු ආයතනයේ ලාභය රුපියල් මිලියන 147.8ක් තරම් ඉහළ අගයක් සනිටුවහන් කිරීමට හැකි වූ අතර පසුගිය වසරේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 41.2කට සාපේක්ෂණව මෙවර එම මුදල රුපියල් මිලියන 101.7 තරම් සුවිශේෂී වැඩිවීමක් අත්පත් කරගෙන තිබේ.
පසුගිය වසර කිහිපයේ දී සිය ආයතනයේ අභිවෘද්ධිය උදෙසා SDF විසින් සිදුකළ ආයතනික ප්‍රතිසංවිධානයත් සමඟ ආයතනික මුල්‍ය ප්රගතියේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කළ අතර එසමඟ වෙළඳපොළ ඉලක්ක පදනම් කරගත් වර්ධනයක් සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට ඔවුන්ට හැකියාව ලැබිණි. ආයතනයේ සේවකයන්ට මනා පුහුණුවක් ලබාදීම, ව්‍යාපාර මෙහෙයුම් කටයුතුවලදී ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම මෙන්ම අවධානම් කළමනාකරණය සහ මුදල් ප්‍රතිසාධන (මුදල් නැවත අයකර ගැනීමේ) යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් SDF ආයතනය වැඩි වැඩියෙන් මුදල් ආයෝජනය කළේය. මෙවැනි විශිෂ්ට ක්‍රියාමාර්ග හරහා පසුගිය වසරවල දී අලාභ ලැබූ ශාඛා නැවත ලාභ ලබන තත්ත්වයට පත්වීම මෙන්ම කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාවය සහ කැපවීම උසස් තත්ත්වයකට ගෙන ඒමට හැකිවිය.
2019-20 මුල්‍ය වසර තුළ දී සිය පාරිභෝගික සංඛ්‍යාව වර්ධනය කරගැනීමට සහ ණය ලබාදීම වෙනුවෙන් නව වෙළඳපොළක් සොයාගැනීම වෙනුවෙන් ඩිජිටල් අවකාශයන් වෙත සහ විවිධ අංශයන් වෙත අවධානය යොමුකරමින් දිගින් දිගටම සිය ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට SDF කටයුතු කළේය. කාර්යාලීය සහ කාර්යාලයෙන් බැහැරව අවශ්‍ය මුල්‍ය සේවා පවත්වාගෙන යාමේ හැකියාව ලැබෙන අන්තර් සම්බන්ධිත පරිපූර්ණ තොරතුරු තාක්ෂණ වේදිකාවක් වෙත සිය මෙහෙයුම් පරිවර්තනය කිරීමට ආයතනය කටයුතු කළ අතර මේ නිසා ආයතනය තුළ මෙහෙයුම් කටයුතු සිදුකිරීමේ දී මනා පාලනයකින් යුතුව සහ වේගවත් තීරණ ගැනීමේ හැකියාවකින් යුතුව වැඩකිරීමේ අවස්ථාව උදාවී ඉහළ කාර්යක්ෂමතාවක් පවත්වා ගැනීිමට හැකිවිය.
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යවසාය සංවර්ධන කාර්යයන්ට සහයෝගය ලබාදීම සහ ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය සමඟ එක්ව දේශීය ව්‍යවසායකයන්ගේ මුල්‍ය හැකියාව ගොඩනැගීමට කටයුතු කරන SDF විසින් මුල්‍ය ණය ලබාදීම සහ සමාජ සුබ සාධන කාර්යභාරය එකාබද්ධ කිරීමට කටයුතු කරතිබේ. ග්‍රාමීය ආර්ථිකයට සෘජුව සම්බන්ධිත සහ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ව්යවසායකින්ගෙන් සැඳුම්ලත් පුළුල්ව පැතිරුණු ග්‍රාමීය සංවිධාන ජාලයක් ලෙස සර්වෝදය ශ්‍රමදාන සංගමය හඳුන්වාදීමට හැකිය. මෙවන් සර්වෝදය ශ්‍රමදාන සංගම් සමඟ එකට වැඩකරන නිසා SDF එකට රටේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට අත්‍යාවශ්‍ය ප්‍රාග්ධන සහයෝගය සෘජුවම අදාළ පුද්ගලයා වෙතට ලබාදීමට අවස්ථාව සහ ග්‍රාමීය ජන ජීවිතය නඟා සිටුවීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට හැකියාව ලැබී තිබේ. පසුගිය වසරේ දී කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් රටේ වෙළඳපොළ සමඟ නිවැරදිව සම්බන්ධ කිරීම වෙනුවෙන් මෙන්ම කෘෂි කාර්මික සහ සත්ව පාලන කර්මාන්ත ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් අති සාර්ථක ව්‍යාපෘති ගණනාවක් සංවිධානය කිරීමට SDF සමත්විය. මීට අමතරව සිය තරුණෝදය වැඩසටහන හරහා SDF විසින් තරුණ සහ නැගීගෙන එන ව්‍යාවසායකයින්ට අවශ්‍ය තාක්ෂණික සහය අත්පත් කරගැනීමට සහ වෙළඳපොළ සංවර්ධන සහය ලබාගැනීමට අවශ්‍ය මුල්‍ය සහයෝගය ලබාදීමට කැපවෙයි.
Video Story