December, 11, 2015
අයිතිකරුවන් නොමැති බෝයිංග් 747 වර්ගයේ ගුවන් යානා 3 ක් ක්වාලාලාම්පූර් අන්තර්ජාතික ගුවන්තොටුපළේ ගාල් කර තිබිය දී සොයා ගෙන තිබේ. මැලේසියානු ගුවන් බලධාරීන් මේ පිළිබඳව පවසන්නේ කවදා කවුරුන් විසින් මෙම යානා, ගුවන්තොටුපළ වෙත ගෙන ආවේ දැයි සොයා ගත නොහැකි බවයි. මගී ගුවන්යානා දෙකක් හා භාණ්ඩ ප්‍රවාහන යානාවක් මෙලෙස අතහැර දමා ගොස් තිබේ.
මෙම යානා රඳවා තැබීම වෙනුවෙන් අයවිය යුතු ගාස්තු මෙතෙක් ගෙවා නොතිබීම පිළිබඳ සොයා බැලීමේ දී මේ බව අනාවරණය කර ගත් බව ගුවන් තොටුපළ සාමාන්‍යාධිකාරී සයිනල් මොහොමඩ් ඉසා මෙහිදී කියා සිටියේය.
එසේම මෙම යානා කුමන ගුවන්සේවාවන් විසින් භාවිතයට ගත් ඒවා දැයි සොයා ගත නොහැකි පරිදි ඒවායේ පිංතාරු හා පිටත පෙනුම ඉවත් කර තිබේ.
මීට දින දෙකකට පෙර පුවත්පත් දැන්වීමක් පළ කරමින් ක්වාලාලාම්පූර් අන්තර්ජාතික ගුවන් තොටුපළ හා මැලෙසියා එයාර්පෝට් හෝල්ඩිංග්ස් විසින් අයිතිකරුවන් වෙත දන්වා සිටින්නේ, හැකි ඉක්මනින් මෙම යානාවල අයිතිය තහවුරු කරන ලෙසත්, දින 14 ක් තුළ එසේ නොකළහොත් මෙම යානා තුන විකුණා දැමීමට හෝ විනාශ කර දැමීමට කටයුතු කරන බවත්ය.
Video Story