මේ නත්තලේදී ආපිකෝ පාරිභෝගිකයින්ට විදෙස් විනෝද උද්‍යාන නැරඹීමට යෑමේ වරම්

    December, 7, 2015

    මෙරට සුපිරි වෙළඳ සැල් ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ආපිකෝ වෙතින් මේ උත්සව සමයේදී රුපියල් 3000 ක් හෝ එයට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගික පවුල් 50 කට සියළු වියදම් දරමින් ආසියාවේ සුපිරි විනෝද උද්‍යාන නැරඹීමට යෑමේ වරම් දිනාගැනීමට හැකි බව නිවේදනය කර ඇත.

    මේ අනුව, ‘Win a thrilling Christmas’ යනුවෙන් නම්කර තිබෙන මෙම ප‍්‍රවර්ධනය වැඩසටහන යටතේ ආපිකෝ විසින් ගුවන් ටිකට් පත් 200 ක් සහ සංචාර පැකේජ 50 ක් වීසා සමග පිරිනමන්නේ හෝටල් නවාතැන් පහසුකම්, ආහාර පාන සහ වියදම් සඳහා මුදල්ද ලබාදෙමිනි. මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට අවම වශයෙන් නම්කළ සන්නාම තුනක් සමගින් රුපියල් 3000 ක හෝ එයට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ මිලදීගත යුතුය.

    ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ජයග‍්‍රහණය කරන පාරිභෝගිකයින්ට හොංකොං හි, ඩිස්නිලන්තය, ඩුබායි හි, වයිල්ඞ් වාඩි, මැලේසියාවේ ලෙගෝ ලෑන්ඞ් සහ සන්වේ ලැගූන්, සිංගප්පූරුවේ යුනිවර්සල් ස්ටුටියෝ සහ සෙන්ටෝසා අයිලන්ඞ් සහ තායිලන්තයේ ඞී‍්‍රම් වර්ල්ඞ් සහ සියම් ඕෂන් වර්ල්ඞ් නැරඹීමට යෑමේ අවස්ථාව හිමිවේ.

    ‘‘නත්තල් සාප්පු සවාරි අත්දැකීම පවුලේ ක‍්‍රියාකාරකමක් ලෙස සැලකිය හැකියි. මේ නිසාම ආපිකෝ විසින් පවුලේ සෑම දෙනාම වෙනුවෙන් ප‍්‍රතිලාභ පිරිනැමීමට ඉදරිපත්වී තිබෙනවා’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් රිචඞ් පීරිස් ඩිස්ටි‍්‍රබියුටර්ස් ලිමිටඞ් සමාගමේ අලෙවිකරණ ප‍්‍රධානී, මිනෝද් ද සිල්වා මහතා පැවසීය. ‘‘අපගේ නත්තල් සාප්පු සවාරි ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා පාදක වන්නේ මෙම තේමාවයි. මේ වසරේදී පවුලේ සැමටම එකසේ විනෝදවිය හැකි විදෙස් සංචාරයක් දිනාගැනීමේ අවස්ථාව අපි පාරිභෝගිකයින්ට ලබාදී තිබෙනවා.’’

    ඔහු සඳහන් කළේ මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට සියළුම ආපිකෝ සුපර් සෙන්ටර්ස්, ආපිකෝ ‘ඩේලි’ සුපිරි වෙළඳ සැල් සහ ශ‍්‍රී ලංකාව පුරා විහිදුණු ප‍්‍රදර්ශනාගාර ඇතුළත් වන බවයි.

    මෙවර නත්තල වෙනුවෙන් ආපිකෝ අලෙවිසැල් ‘thrilling Christmas’ යන තේමාවෙන් සරසා තිබෙන අතර නැරඹීමට යෑමේ අවස්ථාව තිබෙන විනෝද උද්‍යානවල සිරියද මෙම සැරසිලි වලට එකතු කර තිබීම විශේෂත්වයකි. ආපිකෝ සඳහන් කරන්නේ මේ දෙසැම්බර් මාසය පුරාම අලෙවි සැල් තුළදී පැවැත්වෙන ප‍්‍රවර්ධන වැඩසටහන් සහ තරඟ වලදී ක්ෂණිත ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයින්ට හිමිවන බවයි.

    මේ වසරේ ‘thrilling Christmas’ ප‍්‍රවර්ධන වැඩසටහන නිර්මාණය කර තිබෙන්නේ මිලදීගන්නා භාණ්ඩවල වටිනාකම වැඩිවෙද්දී දිනුම් ලබාගැනීමට තිබෙන අවස්ථාවන් ප‍්‍රමාණය වැඩිවන පරිදියි. උදාහරණයක් ලෙස, රුපියල් 3,000 ක සිට රුපියල් 7,500 ක් දක්වා වටිනා භාණ්ඩ නම්කළ සන්නාම තුනක් සමග මිලදීගන්නා අවස්ථාවකදී දිනුම් ඇදීම සඳහා ඇතුළත් වීමට අවශ්‍ය කූපන් පතක් ලබාගත හැකි අතර රුපියල් 7,500 සිට රුපියල් 15,000 ක් දක්වා නම්කළ සන්නාම තුනක් සහිත භාණ්ඩ මිලදීගන්නා විට කූපන් පත් තුනක් ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇත. මීට අමතරව, රුපියල් 15,000 ක හෝ එයට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ නම්කළ සන්නාම තුනක් සහිතව මිලදීගන්නා විට කූපන් පත් පහක් ලබාගැනීමේ අවස්ථාව ආපිකෝ ලබාදී තිබේ.

    මෙම ප‍්‍රවර්ධන වැඩසටහන 2016 ජනවාරි 10 වනදා දක්වා පැවැත්වේ.

    මෙම ප‍්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් නම්කළ සන්නාම ලෙස Anchor, Anlene, Newdale, Pedia Pro, Clogard, Colour Me (Deodorant සහ Eau de Toilette), Flora Tissues, Goldi (Sausages & Meat Balls), Harpic, Heinz, Impulse (Deodorant සහ Eau de Toilette), Kellogg’s, Lifebuoy, Lysol, KhombaBaby, Little Princess, Marina, Munchee, Milo, Crescent, Revello, Sera, Surf Excel, St. Clairs, Stella සහ Aer (Air Fresheners), Tiara, Todlo සහ Vim දැක්විය හැකිය.

    ආපිකෝ ජාලයට මේ වනවිට ආපිකෝ සුපර්සෙන්ටර්ස් 17 ක්, ප‍්‍රදර්ශනාගාර 21 ක් සහ ආපිකෝ ‘ඬේලි’ සුපිරි වෙළඳසැල් 19 ක් අයත් වේ. සමාගමේ ප‍්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ආපිකෝ සුපර්සෙන්ටර්ස් තුළින් වාහන නතර කිරීමේ ඉතා විශාල ඉඩකඩක්, බිල්පත් ගෙවීමේ සහ බැංකු පහසුකම් ඇතුළු ගේ දොර හා ඉලෙක්ට්‍රොනික උපකරණ, මුළුතැන් ගේ උපකරණ, ගෘහ භාණ්ඩ සහිත දැවැන්ත නිෂ්පාදන මාලාවක් එකම වහළක් යටින් ලබාදෙන්නේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පහසු සාප්පු සවාරි අත්දැකීම ලබාදෙන පොරොන්දුවද සමගිනි.