June, 16, 2014
මේ වසරේ මුල් කාර්තුවේ මෙරට ආර්ථික වර්ධනය සියයට 7.6 ක්වී ඇතැයි රජය විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලින් හෙළිවේ.
මේ අනුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් හෙළිවන්නේ 2014 මුල් කාර්තුවේදී මෙරට කෘෂි කාර්මික අංශය සියයට 0.2 කින්, සේවා අංශය සියයට 6.5 කින් සහ කර්මාන්ත අංශය සියයට 12.6 කින් වර්ධනය වී තිබෙන බවයි.
කෘෂි කාර්මික අංශයේ වර්ධනයට වැඩිම දායකත්වයක් ධීවර අංශයෙන්ද, කර්මාන්ත අංශයේ වර්ධනයට වැඩිම දායකත්වයක් ඉදිකිරීමේ අංශයෙන්ද, සේවා අංශයේ වර්ධනයට වැඩිම දායකත්වයක් හෝටල් හා ආපනශාලා අංශයෙන්ද දක්වා තිබේ.
Video Story