මොකක්ද මේ, ශ්‍රී ලංකන් හඳුන්වා දුන් තැලස් අවාන්ට් පද්ධතිය ?

    November, 1, 2014

    ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය ගුවන්යානා ඇණිය ශක්තිමත් කරමින් ශ්‍රීලංකාවට ගෙනඑන ප්‍රථම A330-300 ගුවන්යානයට අති නවීණ තාක්ෂණික ක්‍රමවේදයකින්යුත් තැලස්අවාන්ට් (Thales AVANT ) පද්ධතියක් ස්ථාපිත කළබව තැලස් සමාගම නිවේදනය කර සිටියි.

    මේඅනුව තැලස් අවාන්ට් තාක්ෂණික පද්ධතිය ස්ථාපිතකළ A330-300 ගුවන්යානාව ලබාගත් ප්‍රථම ගුවන්සමාගම බවටද ශ්‍රීලංකන් පත්වනු ඇත. මෙම නවීණ තාක්ෂණික පද්ධතිය ස්ථාපිත කරනලද ගුවන්යානයේ ප්‍රථම වාණිජ ගුවන්ගමන මේවසරේ නොවැම්බර් මාසයේ මුල්සතියේදී සිදුකිරීමටද මේවනවිට සැලසුම් කරතිබේ.

    මෙම ගුවන්යානයේ ව්‍යාපාර හා පිරිමැසුම් පන්ති සඳහා වෙන්කරන ලද ගුවන් මැදිරි තුළින් ගුවන් මගීන්ට විශේෂ පහසුකම් සහිත සේවා ලබාගැනීමට අවස්ථා උදාවන අතර එහි ආසනවල පුළුල් සුපැහැදිලි දර්ශන තිරයක්ද සවිකරතිබේ. එසේම විද්‍යුත් බලය සහිත විශේෂ ආසන, ජංගම දුරකතන සඳහා සහ ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍යවන USB සම්බන්ධතා සහ ව්‍යාපාර පන්තිය සඳහා සුවිශේෂී වන සම්මානලාභී ස්පර්ෂ සංවේදි ගුවන් මගී මාධ්‍යඅංශයක්ද දෙවැනි තිරයක් ලෙස ස්ථාපිතකර තිබීමද විශේෂත්වයකි.

    ප්‍රධාන කරුණු

    AVANTතාක්ෂණය සහිත A330-300 ගුවන්යානාව ලබාගත් ප්‍රථම ගුවන් සේවාව බවට ශ්‍රීලංකන් වේ.

    •AVANT හි ඇන්ඩ්‍රොයිඩ් විවෘත පද්ධතිය තුළින් අන්තර්ගතය ඉක්මනින් නවමු කිරීමේ හැකියාවද ඇති නිසා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මගීන්ට විශිෂ්ට වැඩසටහන් ඉදිරිපත් කිරිමේ වැඩපිළිවෙල සාර්ථක කර ගත හැක.

    “AVANT හිඇන්ඩ්‍රොයිඩ් විවෘත පද්ධතියතුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගමට අන්තර්ගතය නවමු කිරීමේ අවස්ථා ද ගුවන් මගීන්ගේ කැමැත්ත මත නව පද්ධති ඇතුල් කිරීමේ අවස්ථා ද මෙයින් හිමි වේ.”
    ශ්‍රීලංකන් ගුවන් සමාගමට ඔවුන්ගේ A330 ගුවන් යානයේ විශිෂ්ට ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක අත්දැකීම ලබාදීමට අපි කටයුතු කර සිටිමු.අපගේ විවෘත ඇන්ඩ්‍රොයිඩි අවාන්ට් පද්ධතිය තුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගමට සේවා රැසක් හිමිවනු ඇත. ගුවන් ගමනේ යෙදෙන ගුවන් මගීන් දැකීමට අපි ආසාවෙන් සිටිමු.
    තැලස් හි ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක සහ සම්බන්ධතා ක්‍රියාකාරකම් හි නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඩොමිනික් ගියැන්නෝනි මහතා (Dominique Giannoni)