February, 3, 2026
චීනය ලබන වසරේ සිට සිය රට තුළ අලෙවි කරන මෝටර් රථවල hidden door handles විශේෂාංගය තහනම් කිරීමට තීරණය කර තිබේ. ටෙස්ලා මෝටර් රථ මාදිලිය විසින් මුල් වරට හඳුන්වා දෙන ලද මෙම විශේෂාංගයෙහි පවතින් මගී ආරක්ෂක ගැටළු හේතුවෙන් මෙම තීරණය ගැනීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඊයේ (02) දින ප්‍රකාශයට පත් කරන ලද නව නීති 2027 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම දොර හැන්ඩ්ල් මෝස්තරය වාහනයට නව අලංකරණයක් එක් කළ ද අනතුරක දී එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දීම ගැටළු පැනනැගීම මෙම තීරණයට හේතු වී තිබේ.
පසුගිය 2025 ඔක්තෝබර් මාසයේ දී චීනයේ චෙන්ඩු හිදී විදුලි මෝටර් රථයක් ගිනිගැනීමට ලක්ව එහි රියැදුරු ජීවීතක්ෂයට පත් වූ අතර විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ රථය අනතුරට පත් වූ අවස්ථාවේ එහි දොර හැන්ඩ්ල් අක්‍රීය වී තිබී ඇති බවයි.
Video Story