මොබිටෙල් මෙරට විශාලතම e-Store වෙබ් අඩවිය වන MyStore.lk හඳුන්වා දෙයි

    July, 23, 2014

    ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමාගම, MyDeal.lk  සමග එක්ව MyStore.lk  නමින් නවතම භාණ්ඩ විකිණුම් වෙබ් අඩවියක් දියත් කිරීමට පියවර ගෙන ඇත. මෙම වෙබ් අඩවිය මෙරට විශාලතම භාණ්ඩ විකිණුම් වෙබ් අඩවිය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම භාණ්ඩ මිලදී ගැනීම සඳහා කඩසාප්පු වෙත යාමේ අවශ්‍යතාව මගහරවාලමින් MyStore.lk  වෙබ් අඩවිය මෙරට පාරිභෝගිකයන්ගේ භාණ්ඩ මිලදීගැනීමේ අත්දැකීම මුළුමනින්ම වෙනස් කරන අත්දැකීමක් වනු නොඅනුමානය.

    MyStore.lk  වෙබ් අඩවිය ඔස්සේ පාරිභෝගිකයන් හට පරිගණක, කැමරා, දුරකථන සහ ටැබ්ලට් උපාංග ආදියේ සිට රූපලාවණ්‍ය හා පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන, ගෘහ හා මුළුතැන්ගෙයි උපාංග, ගෘහභාණ්ඩ, රෙදිපිළි, ආභරණ, සෙල්ලම් බඩු, පොත්පත් ඇතුළු තවත් බොහෝ දේ මිලදීගත හැක.

    තම පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදීගැනීමේදී කිසිදා අමතක නොවන අත්දැකීමක් තිළිණ කිරීම MyStore.lk  සේවාවන්හි මූලික අරමුණ වී ඇත. MyDeal.lk  සහ මෙරට ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික සන්නාම මෙන්ම අනෙකුත් බොහෝ සන්නාමයන් සමග වසර ගණනක් පුරා පැවැත්වූ සාර්ථක සබදතාවන් තුළින් MyStore.lk  වෙබ් අඩවිය පුළුල් භාණ්ඩ හා සේවා සපයන වෙබ් අඩවියක් බවට පත්කිරීමට මගපෑදී ඇත.

    සිංගර් ශ‍්‍රී ලංකා, දිනපාල සමූහය, ඩෙල්මේජ් ෆොර්සිත්, බ‍්‍රවුන් සහ සමාගම, මෙට්‍රොපොලිටන් සමූහය සහ දයා ව්‍යාපාර සමූහය යනාදී ප‍්‍රමුඛ පෙළේ සමාගම් මේ වනවිටත් MyStore.lk  සමග සම්බන්ධ වී සිටියිි. එමනිසා Samsung, Black & Decker, Sony, Singer, Phillips, Canon, Nikon, Acer, LG, Whirlpool, JBL, Prestige, Sharp, Haier සහ Belkin වැනි පුළුල් පරාසයක පැතිරුණු සන්නාමයන්ට අයත් නිෂ්පාදන ඵහීඑදරුගකන තුළදී මිලදීගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට  උදාවී ඇත.

    ”පාරිභෝගිකයන්ට ඉහළම මට්ටමේ සේවාවක් ලබාදීම සඳහා හොඳම අන්තර්ජාල ආවරණයක් ඇති කිරීමට මොබිටෙල් සමාගම පසුගිය දශකයක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 500 කට අධික මුදලක් ආයෝජනය කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම අපි LTE සේවා හැකියාව සහිත පදනම් ස්ථාන 1,000 කට අධික ප‍්‍රමාණයක් එක් කිරීමටද පියවර ගත්තා. ඒ අතින් අප සිටින්නේ ලොව බොහෝ සංවර්ධිත රටවල්වලටත් වඩා ඉදිරියෙනුයි. MyDeal.lk  වැනි වේගයෙන් වර්ධනය වන දේශීය සමාගමක් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට ගෞරවයක්. අප සතු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම සමගින් ඔවුන්ට අත්වැලක් වන්නට ලැබීම අප සලකන්නේ භාග්‍යයක් ලෙසයි.” මොබිටෙල් සමාගමේ අලෙවිකරණ කටයුතු පිළිබද ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී නලින් පෙරේරා මහතා පැවසීය.

    ”භාණ්ඩ අලෙවි කිරීම යනු තවදුරටත් කඩසාප්පුවලට සීමා වූ දෙයක් නොවෙයි. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේ සේවාවන් සපයන ආයතන සංඛ්‍යාව ක‍්‍රමයෙන් ඉහළ යමින් තිබීම ඊට පැහැදිලි සාක්ෂියක්. අප දියත් කළ මේ අලූත් වෙබ් අඩවිය අපේ පාරිභෝගිකයන් අතර බෙහෙවින්

    ජනප‍්‍රිය වනු ඇතැයි කියා අපි බලාපොරොත්තු වනවා.” MyDeal.lk  හි කළමනාකාර අධ්‍යක්ෂ දමිත ගිනිගද්දරගේ මහතා පැවසීය.

    පාරිභෝගිකයන් හට ‘MyAccount.lk’  සේවාව හරහා තනි පිවිසුමක් මගින් MyStore.lk  සහ MyDeal.lk  වෙබ් අඩවි දෙකටම පිවිසී භාණ්ඩ හා සේවාවන් භාණ්ඩ ඇණවුම් කිරීම, ඒවා තම නිවෙස්වලට ගෙන්වාගැනීම ආදිය මෙන්ම තමන්ට අවශ්‍ය  ඕනෑම තොරතුරක් ඉතාමත් පහසුවෙන් ලබාගැනීම වැනි කටයුතු පහසුවෙන් සිදුකළ හැක. එමෙන්ම මෙම ව්‍යාපාර ජාලයට අනාගතයේදී සිදුකිරීමට අපේක්ෂා කරන එකතු කිරීම් සඳහා සහාය වාර්තාද MyStore.lk  සහ MyDeal.lk  වෙබ් අඩවි දෙක හරහාම ලබාගත හැකිවේ.

    මීට අමතරව තෑගි වවුචර මිලදී ගැනීමේ පහසුකම ලබාදීමටද MyStore.lk  මේ වනවිට පියවර ගෙන තිබේ. මේ තෑගි වවුචර මගින් ගනුදෙනුකරුවන්ට MyStore.lk  වෙබ් අඩවියේ දක්වා ඇති භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතී. එපමණක් නොව, කාලයෙන් කාලයට ‘විශේෂ දීමනා’ හඳුන්වාදීමටද වෙබ් අඩවිය කටයුතු කරයි. මේ සඳහා වෙබ් අඩවිය තුළ වෙනම විශේෂ දීමනා පිටුවක් වෙන්කර ඇත.

    කොළඹ 1 සිට 15 දක්වා ප‍්‍රදේශවලට නොමිලේ භාණ්ඩ ගෙනැවිත් භාරදීමේ සේවාවක්ද MyStore.lk  මේ වනවිට හඳුන්වා දී තිබේ. එමෙන්ම නිසි කලට පාරිභෝගිකයන් හට තමන් මිලදී ගත් භාණ්ඩ හිමිවන බව තහවුරු කිරීමටද වෙබ් අඩවිය කටයුතු කරයි. රු. 25,000 කට අඩු වටිනාකමකින් යුතු භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික අවශ්‍යතාව මත භාණ්ඩය ලබා ගැනීමෙන් පසුවද ගෙවීම් සිදුකිරීමේ අවස්ථාව තෝරාගත හැක.

    මොබිටෙල් සමාගම හඳුන්වා දුන් මූල්‍ය සේවාව වන mCash මේ වනවිට පාරිභෝගිකයන් මෙන්ම වෙළඳුන් අතරද බෙහෙවින් ජනප‍්‍රිය වී තිබේ. ගනුදෙනු කටයුතු සිදුකිරීම සඳහා ඉතා පහසු මගක් ලෙස එය ඔවුන් අතර පිළිගැනීමට ලක්වී ඇත. මේ වනවිට mCash සේවාව සඳහා විශේෂ අන්තර්ජාලගත ගෙවීම් ක‍්‍රමයක්ද හඳුන්වාදී ඇති අතර ඒ හරහා MyStore.lk  වෙතින් කෙරෙන මිලදී ගැනීම් සඳහා ගෙවීම් කිරීමේ හැකියාව පාරිභෝගිකයන්ට හිමිවේ. ඒ අනුව mCash තුළින් භාණ්ඩ මිලදී ගැනීම් සඳහා එක්වූ ප‍්‍රථම පාර්ශ්වය බවට පත්වී ඇත්තේද MyStore.lk වෙබ් අඩවියයි. mCash සේවාව භාවිතා කරන්නන්ට  ඕනෑම මොබිටෙල්, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ සිංගර් මෙගා ශාඛාවකදී හෝ mCash නියෝජිත අලෙවිසලකදී තම mCash ගිණුමට මුදල් ඇතුළත් කළ හැක. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.mobitel.lk/mcash  වෙතින් ලබාගත හැකි වේ.