October, 31, 2016
ලෝකයේ මෝටර් රථ නිෂ්පාදනය කරනු ලබන රටවල් ලැයිස්තුවේ 5 වන ස්ථානයට ඉන්දියාව පත්ව තිබේ. වසරේ මේ දක්වා කාලය තුළ මෝටර් රථ ලක්ෂ 25 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සමත් වී ඇති බව Times of India පුවත් සේවය වාර්තා කර සිටී.
මේ අනුව ඉන්දියාව මෙම ලැයිස්තුවේ 5 වන ස්ථානයට පැමිණියේ මීට පෙර එම ස්ථානයේ සිටි දකුණු කොරියාව අභිබවමිනි.
මෙම ලැයිස්තුවට අනුව ජර්මනිය, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය හා චීනය, ඉන්දියාවට ඉදිරියෙන් සිටින සෙසු රටවල් ලෙසින් නම් කර තිබේ.