යද්දෙහිගේ නායකත්වය දෙන ආපිකෝ, Chilaw Finance බලය අල්ලයි

    September, 3, 2014

    විද්‍යාඥයෙකු මෙන්ම ඉංජිනේරුවරයෙකු වන ආචාර්ය සේන යද්දෙහිගේ මහතා නායකත්වය දෙන රිචඩ් පීරිස් සමූහයට අයත් රිචඩ් පීරිස් ආපිකෝ ෆයිනෑන්ස් සමාගම Chilaw Finance PLC සමාගමේ සියයට 51 ක කොටස් මිලදීගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ මෙම ගිවිසුමට එළඹ තිබෙන අතර මේ යටතේ රිචඩ් පීරිස් සමූහයට අයත් රිචඩ් පීරිස් ආපිකෝ ෆයිනෑන්ස් සමාගම විසින් Chilaw Finance PLC සමාගමේ නීතිමය හා මූල්‍ය තත්ත්වය පිළිබඳව විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇත.

    මෙම විමර්ශනයෙන් පසුව මිලදීගැනීමේ මිල තීරණය කිරීමට අදහස් කර තිබේ.

    රිචඩ් පීරිස් සමූහය සිල්ලර වෙළඳාම, වැවිලි, ටයර්, ගෘහ භාණ්ඩ, ප්ලාස්ටික්, රබර්, වාහන අලෙවිය ඇතුළු ව්‍යපාරික කටයුතු සිදුකරන හොඳින් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයකි.