April, 7, 2015
ජ්‍යෙෂ්ඨ බැංකු කරුවෙකු වන ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩී.එම්. ගුණසේකර මහතාගේ සේවය මුදල් අමාත්‍යංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබෙන්නේ ගුණසේකර මහතාගේ සේවය අත්හිටුවීම සඳහා කරුණු කිහිපයක්ම බලපෑ බවත් බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ වංචා හා දූෂණ මේ සඳහා හේතුවී තිබෙන බවයි.
සීෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කිරීමද මොහුගේ සේවය අත්හිටුවීම සඳහා බලපා තිබෙන බව අනාවරණය වේ.
ගුණසේකර මහතා 2013 වසරේදී ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්වීම ලබා තිබෙන අතර ඔහු වෘත්තීය සුදුසුකම් සපුරා තිබෙන ජ්‍යෙෂ්ඨ බැංකු කරුවෙකි.
ලංකා බැංකුව විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා රජය පොරොන්දු වූ පොලිය ලබා නොදෙන බවට පැමිණිලි තිබෙන බවත් ඒ පිළිබඳව මාධ්‍ය හමුවේ කරුණු දක්වන ලෙසත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගුණසේකර මහතාට පසුගියදා මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
කෙසේවෙතත්, ගුණසේකර මහතා පැවසුවේ එම චෝදනා අසත්‍ය බවත් ලංකා බැංකුව විසින් රජය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදීමට පොරොන්දු වූ පොලී අනුපාත ගෙවන බවයි.
Video Story