August, 5, 2016
සෑම වසරකම අගෝස්තු මස පළමු ඉරිදාව යහළුවන්ගේ දිනය වශයෙන් සැලකේ. යහළුවන් අතර පවතින බැඳීම තවදුරටත් පිළිබිඹු කරමින් ලෝක යහළුවන්ගේ දිනය වෙනුවෙන් Viber "අඹ යහළුවෝ" සහ "ඩම්පි හුරතලේ 2" තේමාවන් යටතේ අනගි ස්ටිකර් පෙළක් ලාංකේය Viber භාවිතා කරන්නන් හට පිරිනමයි.
ලොව පුරා මිලියන 754 කට අධික පිරිසක් සහ ලංකාවේ මිලියන 5කට අධික පිරිසක් භාවිතා කරන Viber, සෑම හැඟීමකට ම ඔබින ආකාරයේ ස්ටිකර් පෙළක් මේවන ඊට ද ලාංකේය ජනතාවට හඳුන්වා දී ඇත. ස්ටිකර් මගින් සංවාද සඳහා වඩාත් හැඟීමක් සහ ජීවයක් එක් කළ හැකි අතර, මෙරට Viber භාවිතාකරන්නන් අතර මාසයකට ස්ටිකර් මිලියන 80ක් පමණ සංසරණය වේ.
"ලංකාව තුළ Viber ස්ටිකර් භාවිතයේ වේගවත් වර්ධනයක් දැකගත හැකි අතර, අප මෑතකදී හඳුන්වා දුන් දේශීය ස්ටිකර් මාදිලි ද මෙරට තුළ අතිශය ජනප්රිය වුණා. අප යහළුවන්ගේ දිනය සැමරීමට ශ්රී ලාංකේය ජනතාව වෙනුවෙන් ම විශේෂයෙන් නිර්මාණය කළ ස්ටිකර් පෙළක් හඳුන්වා දීමට තීරණය කළේ ඒ අනුවයි." Viber දකුණු ආසියානු කලාප ප්රධානී අනුභව් නයියර් මහතා සඳහන් කළේය.
Video Story