December, 14, 2015
උතුරත් දකුණත් එකට යා කරමින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය නෂඔත 2016 ජනවාරි 29 වැනිදා සිට 31 වැනිදා දක්වා යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත.
ජනාධිපති සම්මානලාභී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ සේවා ආයතනය මගින් සංවිධානය කරනු ලබන මෙම දැවැන්ත ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 7 වැනි වරටය.
උතුරේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය වසර ගණනක් පුරා කලාපයේ ආයෝජකයන්ගේ, ව්‍යාපාර කරන්නන්ගේ හා ජනතාවගේ කීර්තියට හා පැසසුමට ලක්වූවකි. යුද්ධයේ නිමාවත් සමග උතුරත් දකුණත් යා කරන මෙවැනි ප්‍රදර්ශන තුළින් උතුරේ ජනතාවගේ සැබෑ වෙනසකට මෙය මහගු අත්වැළකි.
පසුගිය වසරේ පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීමට හැටදහසකට අධික ප්‍රේකෂක ජනතාවක් එක්ව සිටීම කැපී පෙනෙන්නකි. උතුරේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ක්‍රියවලියට දායකත්වයක් සැපයීමට ආයෝජකයන්ට ද මඟපෑදෙනු ඇත. උතුරු දොරටුව ලෙස ද හැඳින්වෙන මෙම ප්‍රදර්ශනය තුළින් උතුර දකුණ අතර ව්‍යාපාරික ගැලපුම්කරණයට ද වඩාත් ඉවහල් වීම මෙහි තවත් සුවිශේෂීත්වයකි.
මෙම ප්‍රදර්ශනය හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රය, සත්කාරක සේවා කර්මාන්තය, ආහාරපාන එළිදැක්වීම්, මෝටර් රථ, ඇඟලූම් සේවා, කෘෂිකර්මාන්තය ඇතුළු සේවාවන් රැසක් ප්‍රේකෂක ජනතාවට ලබාගත හැකිය. එසේම බාල මහලූ තරුණ වැඩිහිටි සියලූ දෙනාට ආශ්වාදජනක විනෝදාංශ, සංගීත සංදර්ශන ද සංවිධායක මණ්ඩලයක් විසින් ඇතුළත් කර ඇත.
තුන්සියයකට අධික ප්‍රදර්ශන කුටි හරහා තම නිෂ්පාදනයන්ට වට්ටම්, සුවිශේෂී ආහාරපාන ලබා ගැනීමේ අවස්ථාව ද මේ හරහා හිමිවෙයි. ලොතරැයි දිනුම් ඇදීම් ඇතුළු සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමිවන මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලූම ජනතාවට කිසිදිනෙක නොලැඛෙන නැවුම් අත්දැකීම් රැසක් එක්කර තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.
ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආසීම් මුක්තාර් යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘සමස්ත උතුරු ප්‍රදේශයට මෙවැනි ප්‍රදර්ශනයක් ලැඛෙන්නේ 7 වැනි වරටයි. අන් කිසිදු අවස්ථාවක් මීට පෙර ලැබී නැහැ. යුද්ධයේ නිමාවත් සමග කලාපයේ සියලූ ව්‍යාපාර කරන්නන් හා ජනතාව බලාපොරොත්තු වූ අවස්ථා දැන් උදා වෙලා තිඛෙනවා. මෙම ප්‍රදර්ශනය තුළින් රට හා ලෝකය අතර සුහද හමුවක් ලෙස ද මෙය හඳුන්වන්න පුළුවන්. පුරා දින තුනක් තිස්සේ පැවැත්වෙන, මෙය නැරඹීමට පැමිණෙන සියලූම ජනතාවට වඩාත් උපරිම සේවාවන් ලබා ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් වනවා නොඅනුමානයි.‘
Video Story