January, 30, 2016
යුනිකෝර්න් ටයර් රීටේරඩ්ස් පුද්. සමාගම නව වසර අරඹමින් නැවත පිර වූ කෘෂිකාර්මික ටයර් පෙළක් මෙරට වෙළෙඳපොලට පසුගියදා හඳුන්වා දෙන ලදී. වටරැක පානළුව කාර්මික සංවර්ධන මණ්ඩල ආයෝජන ප්රවර්ධන කලාපයේ පිහිටි එම සමාගමේ කර්මාන්තශාලාවල ලොව නවීනතම ටයර් නැවත පිරවීමේ තාක්ෂණයෙන් නිපදවන මෙම කෘෂිකාර්මික ටයර් පෙළ නවතම කට්ට රටාවන්ගෙන් යුතුවන අතර උපරිම ධාවනයක් හා කෘෂිකාර්මික වාහනවලට වැඩි ආරක්ෂාවක් සපයන විශේෂිත රබර් සංයෝගයකින් නිපදවන්නකි.
විශිෂ්ට තත්ත්වයෙන් අති විශිෂ්ට සේවයෙන් අවම මිලට යන තේමා පාඨය යටතේ වෙළඳපොලට එන යුනිකෝර්න් නැවත පිරවූ කෘෂිකාර්මික ටයරය 13x28 ලග් 20, 11/12x28 ලග් 17/20, 500x12, 600x12, 500x16 ඉරි කට්ට හා ජීප් කට්ට යන මාදිලිවලින් නිපදවන මෙම යුනිකෝර්න් කෘෂිකාර්මික නැවත පිර වූ ටයර් දිවයින පුරා පිහිටි ටයර් අලෙවිසල්වලින් ලබාගත හැක.
නව කෘෂිකාර්මික ටයර් පෙළ වෙළෙඳපොලට හඳුන්වාදීමේ උත්සවය අමතමින් යුනිකෝර්න් ටයර් රීටේරඞ්ස් පුද්. සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, අසංග රත්නායක මහතා පැවසුවේ, “අප යුනිකෝර්න් සමාගම නව වසර ඇරඹුවේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රයේ වියදම් අවම කළ හැකි නව කෘෂිකාර්මික ටයර් පෙළක් හඳුන්වාදෙමින්. සමාගමක් ලෙසින් එය ජාතික මෙහෙවරක් යැයි සිතන හෙයින් එවැනි කාර්යයකින් වසර ඇරඹීමට ලැබීම සම්බන්ධයෙන් අප බොහෝ සතුටට පත්වනවා. විශේෂයෙන්ම වසර 2014දී මෙරට ටයර් නැවත පිරවීමේ ක්ෂේත්රයට පිවිසි සමාගමක් ලෙසින් ඉතා කෙටි කළක් තුළ ලද සාර්ථකත්වය හේතුවෙන් තවත් ඵලදායි නිෂ්පාදන වෙළෙඳපොලට එක්කිරීමට අප සමාගමට කදිම ධෛර්යයක් ලැබී තිබෙනවා“, යන්නය.
ජායාරූපය - යුනිකෝර්න් ටයර් රීටේරඩ්ස් පුද්. සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, අසංග රත්නායක මහතා හා වෙළෙඳ හා පරිපාලන කළමනාකරු, උපුල් විජේරත්න මහතා (මැද) විසින් කෘෂිකාර්මික ටයර් නිෂ්පාදන පළමු තොගය ඉසුරු ටයර් සර්විස් සමාගමේ අධිපති ඉන්දික සිරිවර්ධන මහතාට ලබාදුන් අවස්ථාව.
Video Story